සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණය ගැන දැනුම් දීමක්

2024 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් අද සිට යොමු කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

අයදුම්පත් ලබන 28 වන දා දක්වා ඉදිරිපත් කළ හැක.

2024 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජූලි 10 වන දින මධ්‍යම රාත්‍රියේ නිල වශයෙන් නිකුත් කරනු ලැබුවා.

නිකුත් කරන ලද ප්‍රතිඵල මත පදනම්ව සිසුන් 237,026 ක් උසස් පෙළ අධ්‍යයන කටයුතු සඳහා සුදුසුකම් ලබා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.