යුක්රේනයට අවශ්‍ය පේට්‍රියට් ගුවන් ආරක්ෂක මිසයිල යැවීමට තමන් අපේක්ෂා කරන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
කෙසේවෙතත් යුක්රේනයට යැවීමට සැලසුම් කරන පේට්‍රියට් සංඛ්‍යාව සම්බන්ධයෙන් ට්‍රම්ප් කිසිවක් සඳහන් කළේ නැහැ.
රුසියාවෙන් දිනපතා එල්ල වන මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාර වළක්වා ගැනීම සඳහා යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි වැඩි ආරක්ෂක හැකියාවන් ඉල්ලා තිබෙනවා.
මේ හේතුවෙන් යුක්රේනයට ඉතා නවීන මිලිටරි උපකරණ කොටස් යැවීමට ඇමරිකාව අපේක්ෂා කරන බවත්, යුක්රේනය විසින් ඒ සඳහා මුදල් සම්පූර්ණයෙන් ගෙවන බවත් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කරනවා.
මේ අතර යුක්රේනය සහ අනෙකුත් ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ට්‍රම්ප් මේ සතියේ නේටෝ මහලේකම් මාර්ක් රූට් හමුවීමට ද නියමිතයි.

