පිරමිඩ යෝජනා ක්‍රම ගැන දැනුම්වත් කිරීමේ සතියක්

තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහිව ජාතික වශයෙන් දැනුම්වත් කිරීමේ සතියක් හෙට (14) සිට ජූලි 18 වන දින දක්වා පැවැත්වීම ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

“අහෝ දුකකි, පිරමිඩ උගුලකි” යන තේමාව යටතේ මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන පැවැත්වෙනවා.

මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීම හා මූල්‍ය පාරිභෝගිකයන්ගේ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම යන මහ බැංකුවේ කාර්යභාරයන්ට සමගාමී ව තහනම් පිරමිඩ යෝජනා ක්‍රම පිළිබඳ ව හා ඒවා මගින් තනි පුද්ගලයන්ට මෙන් ම සමස්ත ආර්ථිකයට සිදුවන සැළකිය යුතු අවදානම් පිළිබඳ ව පුළුල් වශයෙන් දැනුම්වත් කිරීම මෙම ජාතික වැඩසටහනේ ඉලක්කය ලෙස දක්වා තිබෙනවා.

මේ ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,