යුක්රේනයේ යුද්ධයේ දී රුසියාව වෙත සිය සහාය කොන්දේසි විරහිතව ලබා දෙන බවට උතුරු කොරියානු නායක කිම් ජොන් ප්‍රකාශ කර තිබෙනවා.
උතුරු කොරියාවේ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සමඟ පැවති සාකච්ඡාවල දී ඔහු මේ බව සඳහන් කර ඇති බවයි උතුරු කොරියානු මාධ්‍ය වාර්තා කරන්නේ.
එහි දී රුසියානු නායකත්වය විසින් ගනු ලැබූ සියලු පියවරයන් සඳහා තමන් සහාය ලබා දීමට සූදානම් බවත් උතුරු කොරියානු නායකයා සඳහන් කර තිබෙනවා.
යුක්රේනයට එරෙහිව සටන් කිරීම සඳහා පසුගිය වසර පුරා රුසියාවට ඇස්තමේන්තුගත හමුදා 11,000 ක් උතුරු කොරියාව විසින් යවා තිබෙනවා.
එසේම රුසියාවේ යුද්ධයෙන් විනාශ වූ කර්ස්ක් කලාපය නැවත ගොඩනැගීමට උදව් කිරීම සඳහා දහස් ගණනක් කම්කරුවන් යැවීමට ද උතුරු කොරියාව පොරොන්දු වී තිබෙනවා.

