ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දහසකට අධික සේවකයන් පිරිසක් එළියට

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටි දහසකට අධික සේවකයන් පිරිසක් සේවයෙන් පහ කර තිබෙනවා.

ට්‍රම්ප් පරිපාලනය තම ෆෙඩරල් ශ්‍රම බලකාය අඩු කිරීමේ උත්සාහයේ තවත් එක් කොටසක් ලෙසයි මෙම පියවර ගෙන ඇත්තේ.

සිවිල් සේවයේ 1,107 ක් සහ විදේශ සේවා සේවකයින් 246 ක් මීට ඇතුළත් බවයි BBC වාර්තා කරන්නේ.

ෆෙඩරල් රජයේ දැවැන්ත ප්‍රතිසංවිධාන ප්‍රයත්නයේ කොටසක් ලෙස මෙම වසර මුලදී තවත් රාජ්‍ය දෙපාර්තමේන්තු සේවකයින් 1,500 කට වැඩි පිරිසක් ස්වේච්ඡාවෙන් සිය රැකියා හැර යනු ලැබුවා.

විචාරකයන් සඳහන් කරන්නේ මෙලෙස විශාල වශයෙන් සේවකයන් කප්පාදු කිරීම එම දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාවය අඩු වීමට හේතු විය හැකි බවයි.