තීරු බදු තවත් අඩු කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙරට නියෝජිත පිරිසක් අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
අගෝස්තු 01 වැනිදාට පෙර එම කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යන බවයි අපනයන සංවර්ධන මණ්ඩයේ සභාපති මංගල විජේසිංහ මහතා සඳහන් කළේ.
අමෙරිකානු තීරු බදු සහන මෙරටට ලබා ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂඥ කමිටුවේ සාමාජිකයින් පිරිසක් මෙලෙස අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.
මේ අතර තවදුරටත් අමෙරිකාවෙන් බදු සහන ලබාගැනීම පිළිබඳව අඛණ්ඩ සාකච්ඡා කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (12) ප්රකාශ කළේ.

