ඵෙතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර අද රාත්‍රියේ විථී සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
දින 14 ක් පුරා පැවති පෙරහර ගමන් මාර්ගය වෙනස් කරමින් සෙත් පිරිත් සජ්ජඣායානා මධ්‍යයේ ආරම්භ වන පෙරහර දෙවන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව කිරි වෙහෙර රාජමහා විහාරස්ථානයට පැමිණ ඉන් අනතුරුව එම මාර්ගය ඔස්සේ දේවාල මලුව මධ්‍යයෙන් ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව පිට වීථිය ඔස්සේ වල්ලි අම්මා දේවාලය වෙත ගෙවදීමට නියමිතයි.
එහි පුද සිරිත් නිම කර ප්‍රධාන වීථිය ඔස්සේ ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය, බස්නායක නිලමේ කාර්යාලය අභියසින් මහ දේවාලය වෙත ගෙවදීමෙන් පසු ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත් වනවා.
හෙට උද ෑසන මැණික් ගඟේ ජීවමාලි තොටුපොළේදී දිය කැපීම සිදු කෙරෙනවා.

