කිරි තේ එකක මිල රුපියල් 10කින් ඉහළ දමන බව, සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.
ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීම හේතුවෙන් මෙලෙස කිරිතේ මිල ඉහළ දැමීමට තීරණය කළ බවයි එම සංගමයේ සභාපති රුක්ෂාන් හර්ෂණ සදහන් කළේ.
ආනයනික කිරිපිටි ග්රෑම් 400යේ පැකට්ටුවක් රුපියල් 100කින් සහ කිලෝ එකක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 250 ක් ලෙස මිල ඉහළ දැමීමටයි කිරිපිටි ආනයනකරුවන් අද තීරණය කරනු ලැබුවා.

