අන්තර්ජාලය ඔස්සේ විවිධ සේවා සපයමින් ආදායම් උපයන පුද්ගලයින්ට ද එකතු කළ අගය මත බද්ද අය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ සදහා වන අති විශේෂ ගැසට් නිවේදනය දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරියගේ අත්සනින් පසුගියදා නිකුත් කර තිබෙනවා
එම සේවා සැපයීම්වලට අදාළව 18%ක එකතු කළ අගය මත බද්ද ඔක්තෝබර් මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අය කිරීමට නියමිතයි.
මෙම බදු අයකිරීම් අදාළ සේවාවන් ද මෙම ගැසට් නිවේදනයේ දක්වා තිබෙනවා.
සේවාවක් ලෙස මෘදුකාංග සැපයීම, මාර්ගගත වෙළෙඳසැල්, ඩිජිටල් අලෙවිකරණය සහ වෙළෙඳ ප්‍රචාරණය, සයිබර් ආරක්ෂණ සේවා, තොරතුරු තාක්ෂණ සහය සහ කළමණාකරණය කළ සේවා, වීඩියෝ, සංගීතය මෙන්ම සජීවී අන්තර්ගතයන් සහිත වේදිකා, මාර්ගගත බැංකුකරණය, සමාජ මාධ්‍ය වේදිකා, ඉල්ලුම මත සේවා සැපයීමේ වේදිකා, වෙළෙඳපොළ වේදිකා, සූදූ ක්‍රීඩා වේදිකා, හෝටල් වෙන් කිරීම් මෙන්ම ටිකට්පත් වෙන් කරවා ගැනීම් සඳහා යෙදවුම් භාවිතයේදී ද ඔක්තෝබර් පළමු වැනිදා සිට එකතු කළ අගය මත බද්ද අය කිරීමට නියමිතයි.
එමෙන්ම ගැසට් පත්‍රයේ සඳහන් කර නොමැති වුව ද විදේශයක සිටින තැනැත්තෙකු ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා ශ්‍රී ලංකාවේ සිටින තැනැත්තෙකුට සපයන ඕනෑම සේවවාක් මෙම වැට් බද්දට අයත් වන බව ද එහි සඳහන්.

