අඩු වූ බස් ගාස්තුව අද සිට ක්‍රියාත්මක වෙයි

වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව 0.55%ක ප්‍රතිශතයකින් අඩු වූ බස් ගාස්තුව අද සිට ක්‍රියාත්මක වනවා.

ජුලි මස 01 වනදා සිට වාර්ෂික බස් ගාස්තු සියයට 2.5කින් පහල දමන බව ජාතික ගමනාගමන කොමිසම මීට පෙර ප්‍රකාශ කළද සිදුවූ ඉන්ධන මිල සංශෝධනයට අනුව අනුව බස් ගාස්තු අඩුකළ හැක්කේ සියයට 0.55ක ප්‍රතිශතයෙන් පමණක් බවයි කොමිසම සඳහන් කළේ.

ඉන්ධන මිල සංශෝධනයේ දී ජූලි මාසය සඳහා ඩීසල් මිල රුපියල් 15කින් ඉහළ ගියා.

නව ගාස්තු සංශෝධනය යටතේ සාමාන්‍ය සේවා අවම බස් ගාස්තුව වන රුපියල් 27, දෙවන ගාස්තු අවස්ථාව වන රුපියල් 35 මෙන්ම රුපියල් 45 ගාස්තුවේ වෙනසක් සිදුවන්නේ නැහැ.

එසේම රුපියල් 56, 77, 87, 117, 136, 141 ඇතුලූ ගාස්තු අවස්ථා කිහිපයක් අඩුවන්නේ රුපියලකිනි.

ඊට අමතරව සෙසු ගාස්තු අවස්ථා රුපියල් 2,3 ආදී වශයෙන් අඩුවන අතර, සාමාන්‍ය සේවා උපරිම ගාස්තුව වන රුපියල් 2170 රුපියල් 11 කින් අඩුවනවා.

මෙම බස් ගාස්තු අඩුවීම සාමාන්‍ය සේවා, අර්ධ සුඛෝපභෝගී සේවා, අධි සුඛෝපභෝගී සේවා මෙන්ම අධිවේගී මාර්ගවල සියලූ බස් රථ සදහා අදාළ වනවා.