ජනාධිපති ට්‍රම්ප්ගේ big, beautiful පනත් කෙටුම්පතට එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබෙනවා.
ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී එම කෙටුම්පතට පක්ෂව ඡන්ද 218ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 214ක් ලැබුණා.
අද දිනයේ අමෙරිකානු ජනාධිපතිවරයා ඊට අත්සන් තැබීමට නියමිතව තිබෙනවා.
ට්‍රම්ප් සඳහන් කළේ ඇමරිකාව නැවත රොකට් නැවක් බවට පත්කිරීමට මෙම පනතට හැකි වනු ඇති බවයි.
මෙම පනත හරහා ඉදිරි වසර 10 තුළ ෆෙඩරල් හිඟයන්ට ඩොලර් ට්‍රිලියන 3.3ක් එකතු කළ හැකි බවයි කොංග්රස් අයවැය කාර්යාලය ඇස්තමේන්තු කර ඇත්තේ.
මේ අතර මෙම කෙටුම්පත සම්මත වීමත් සමග අමෙරිකාවේ මිලියන 12කට සෞඛ්‍ය රක්ෂණ ආවරණය අහිමි වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

