IOC සහ සිනොපෙක් ඉන්ධන මිලත් වෙනස් වෙයි

ජූලි මාසයට අදාලව ඊයේ (30) සිදුකළ ඉන්ධන මිල සංශෝධනය අනුව සිනොපෙක් සමාගම සහ IOC සමාගම ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සංශෝධිත ඉන්ධන මිල ගණන් හා සමාන වන ලෙස සිය ඉන්ධන මිල ගණන් වෙනස් කර තිබෙනවා.

ඒ අනුව,

රුපියල් 293ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 305ක් වනවා

රුපියල් 274ක්ව පැවති සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 289ක් වනවා

රුපියල් 178ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 7 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 289ක් වනවා

රුපියල් 341ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් මිලෙහි කිසිඳු වෙනසක් සිදුව නැහැ.

රුපියල් 325ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිලෙහිද වෙනසක් සිදුව නැහැ.