ඩ්‍රෝන යානා 477 ක් සහ මිසයිල 60ක් භාවිතා කරමින් රුසියාව විසින් යුක්රේනයට දරුණු ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
රුසියාව යුක්රේනයට එරෙහිව එක රැයකින් එල්ල කළ විශාලතම ගුවන් ප්‍රහාරය මෙය බවයි යුක්රේන බලධාරීන් සඳහන් කරන්නේ.
මෙම ප්‍රහාරයෙන් දරුවෙකු ඇතුළු අවම වශයෙන් හය දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මෙම රුසියානු ප්‍රහාර මැඩපැවැත්වීමේ දී යුක්රේනයේ F-16 නියමුවා වන මැක්සිම් උස්ටිමෙන්කෝ ජිවිතක්ෂයට පත්ව ඇති බව යුක්රේන ජනපති සෙලෙන්ස්කි සඳහන් කරනවා.
එත් සමඟම යුක්රේනයට සිය තුන්වන F-16 ප්‍රහාරක ජෙට් යානය ද අහිමි වී තිබෙනවා.
මේ අතර පසුගිය සතිය තුළ පමණක් මිසයිල 114කට වඩා, ඩ්‍රෝන යානා 1,270කට වඩා සහ ග්ලයිඩ බෝම්බ 1,100කට ආසන්න ප්‍රමාණයක් යොදා ගනිමින් රුසියාව විසින් යුක්රේනයට පහර දී තිබෙනවා.

