මාස දෙකක දී රුපියල් බිලියන 23ක් වටිනා හෙරොයින් සහ ice අල්ලයි

ඉකුත් අප්‍රේල් සහ මැයි මාස දෙක තුළ බහුදින ධීවර යාත්‍රා මගින් මෙරටට රැගෙන ආ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1,758ක් සිය භාරයට ගැනීමට හැකිවූ බව පොලීසිය පවසනවා.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් වැටලීම් 4ක් සිදුකර මෙම මත්ද්‍රව්‍ය තොගය සිය භාරයට ගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කරන්නේ.

එසේම ගත වූ එම මාස 2 තුළදී පමණක් සැකකරුවන් 25 දෙනෙකුද ඔවුන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිය භාරයට ගත් සමස්ත හෙරොයින්වල වටිනාකම රුපියල් බිලියන 10.84ක් බවත් අයිස් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 12.16ක් පමණ බවත් එම නිවේදනයේ සඳහන් වනවා.

එම නිවේදනය පහතින්,