ඉරාන – ඊශ්‍රායල යුද්ධයෙන් පසුව ඉරානයේ අත්අඩංගුවට ගැනීම් රැසක්

ඉරාන – ඊශ්‍රායල යුධ ගැටුමෙන් පසුව ඉරානයේ සිටින ඊශ්‍රායල බුද්ධි අංශ සමඟ සම්බන්ධකම් ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ඉරානය විසින් දියත් කර තිබෙනවා.

ඊශ්‍රායලය විසින් ඉරානයේ ඉහළ පෙලේ නිලධාරින් රැසක් ඝාතනය කරනු ලැබූ අතර ඔවුන්ට ඔත්තු දුන්නා යැයි සැලකෙන පුද්ගලයන් සොයමින් මෙලෙස අත්අඩංගුවට ගනිමින් සිටිනවා.

ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරීන් සහ න්‍යෂ්ටික විද්‍යාඥයින් ඉලක්ක කරගත් ඊශ්‍රායලයේ එම ප්‍රහාර වලට ඉරානය සේවය කරන ඊශ්‍රායලයේ මොසාඩ් බුද්ධි ඒජන්සියේ ක්‍රියාකාරීන් ඍජුවම සම්බන්ධය වී ඇති බවයි ඉරානය සඳහන් කරන්නේ.

ඉරාන ඊශ්‍රායල ගැටුම අතරතුර, ඉරාන බලධාරීන් විසින් ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනා ලැබූ පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කරනු ලැබුවා.

එසේම සටන් විරාමයෙන් දිනකට පසුවද එලෙස ඔත්තුකරුවන් ලෙස හඳුන්වන තවත් පුද්ගලයන් තිදෙනෙක් ඝාතනය කර තිබෙනවා.

මේ වන විට සැකකරුවන් සියදෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.