හොරණ – කොළඹ 120 බස්රථ වර්ජනයක

හොරණ – කොළඹ මාර්ග අංක 120 පෞද්ගලික බස් රථ හිමියන් ධාවනයෙන් ඉවත් වී වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

නිසි ක්‍රමවේදයකින් තොරව මිල්ලෑව හොරණ හරහා කොළඹ දක්වා නව බස්රථයක් යෙදවීමට විරෝධය පළකරමිනුයි මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ.

මීට විසඳුමක් නොලැබුනහොත් ඉදිරියේදී සෙසු මාර්ග ද මෙම වර්ජනයට එක්කර ගන්නා බවයි හොරණ – කොළඹ මාර්ගයේ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ජනක ගුණසිරි සඳහන් කළේ.