රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් 30,000ක්

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් රාජ්‍ය සේවයේ නව තනතුරු 30,000ක් සඳහා බඳවා ගැනීම් ආරම්භ කර ඇති බව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය පරිපාලන සේවය, සැලසුම් සේවය සහ විද්‍යාත්මක සේවය ඇතුළු විවිධ මාණ්ඩලික මට්ටමේ භූමිකාවන් සඳහා සුදුසුකම් ලත් පුද්ගලයින් තෝරා ගන්නා බවයි අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා පැවසුවේ.

මීට අමතරව, කළමනාකරණ සහකාරවරුන් සහ ග්‍රාම නිලධාරීන් වැනි අත්‍යවශ්‍ය පුරප්පාඩු ද මෙම අදියර යටතේ පිරවීමට සැලසුම් කර තිබෙනවා

සියලුම බඳවා ගැනීම් තරඟකාරී විභාග හරහා පවත්වනු ලැබේ.

මෙය වසර හතකට ආසන්න කාලයකින් පසු රාජ්‍ය අංශයේ පළමු මහා පරිමාණ බඳවා ගැනීම ලෙස හැඳින්වෙනවා.