මාස දෙකකට ප්‍රමාණවත් ඉන්ධන සංචිත තිබෙනවා

රට තුළ මාස දෙකකට ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බව, බලශක්ති අමාත්‍යාංශය පවසනවා .

මෙරට ඉන්ධන ක්ෂේත්‍රයේ මෙහෙයුම් සිදුකරන විදෙස් සමාගම් තුන, ඉදිරි මාස සඳහා ප්‍රමාණවත් සංචිත පවතින බව දැනුම්දී ඇති බවයි අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා පැවසුවේ.

එසේම ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඉදිරි මාස දෙකකට ප්‍රමාණවත් සංචිත පවතින බව ද, ලේකම්වරයා තහවුරු කරනු ලැබුවා.

සිංගප්පූරුව හරහා දැනට ඇනවුම් කර ඇති ඉන්ධන තොග නියමිත වේලාවට ලබාදෙන බවට ද, තහවුරු කර ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.