සිරියාවේ ඕතඩොක්ස් පල්ලියකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්

සිරියාවේ ඩැමස්කස් අගනුවර පිහිටි ග්‍රීක ඕතඩොක්ස් පල්ලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදු වී තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් තවත් 63 දෙනෙකු තුවාල ලබා ඇති බවයි සිරියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

ඉරිදා සවස දේව මෙහෙයක් අතරතුර දී ප්‍රහාරයකයා විසින් සිය බෝම්බය පුපුරුවා ගෙන තිබෙනවා.

ජිහාඩ්වාදී කණ්ඩායමක් වන ඉස්ලාමීය රාජ්‍යය (IS) සමඟ සම්බන්ධ වී ඇති බවයි වාර්තා වෙන්නේ.

කෙසේවෙතත් IS කණ්ඩායම මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වා නැහැ.