දෛනික බිත්තර මිල පිළිබඳව ජනතාවට දැනුවත් කිරීමේ යාන්ත්රණයක් සකසන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
අතරමැදියන් බිත්තර විකිණීමෙන් අධික ලාභ ලැබීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි සංගමය සඳහන් කරන්නේ.
වෙළෙඳපොළ තුළ මිල මේ වනවිට රුපියල් 28ත් 32ත් අතර මිලකට බිත්තරයක් අලෙවි වන අතර, පසුගිය මාස කිහිපයේ බිත්තර රුපියල් 35ත් ඉක්මවූ අධික මිලකට අලෙවි වුණා.
බොහෝ පාර්ශ්ව චෝදනා කළේ බිත්තර මිල ඉහළ යාමට එක් හේතුවක් වූයේ අතරමැදි වෙළෙඳුන්ගේ ක්රියාකාරීත්වය බවයි.

