ඊශ්‍රායලයෙන් එල්ලවන ප්‍රහාර නවතන තෙක් න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ සාකච්ඡාවලට තමන් සහභාගි නොවන බව ඉරානය අවධාරණය කරනවා.
ඉරානය සමග දිගු ගැටුමක් ඇති බවට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා අනතුරු ඇඟවීමෙන් පැය කිහිපයකට පසු ඉරානය මෙම ප්‍රකාශය සිදුකර තිබෙනවා.
ඊශ්‍රායල විදේශ අමාත්‍ය ඊයල් සමීර් තම රට දීර්ඝ කාලීන ගැටුමකට සුදානම්විය යුතුව ඇති බවත්, ඒ හේතුවෙන් ඉදිරියේදී දුෂ්කර කාල පරිච්ජේදයක් වනු ඇති බවත් සඳහන් කළා.
මේ අතර ඊයේ අඛණ්ඩව අටවන දිනටත් ඊශ්‍රායල ඉරාන ගැටුම සිදු වුණා.
ඉරානය මධ්‍යම ඊශ්‍රායලය දෙසට මිසයිල දියත් කිරීමෙන් පසු ඉරාන මිසයිල ගබඩා සහ දියත් කිරීමේ යටිතල පහසුකම් වලට එරෙහිව නව ප්‍රහාර රැල්ලක් ඊශ්‍රායලය විසින් සිදු කරනු ලැබුවා.

