ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට සහාය වෙන්න ඉන්දියාව සූදානමින්

ඊශ්‍රායලය හා ඉරානය අතර ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් ඉරානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට යළි මෙරටට පැමිණීමට අවශ්‍ය සහාය ලබාදීමට ඉන්දියාව ඉදිරිපත් වී තිබෙනවා.

ශ්‍රී ලංකා රජයෙන් ලැබුණු ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් මෙම තීරණය ගත් බවයි ටෙහෙරානයේ ඉන්දීය තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ.

මීට අමතරව ඉරානයේ සිටින නේපාල ජාතිකයන්ටද මෙලෙසම සිය සහාය ලබාදීමට ඉන්දියාව ඉදිරිපත්ව තිබෙනවා.

ටෙහෙරානයේ ඉන්දීය තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසා සිටියේ, අසල්වැසි රටවල් දෙකෙහිම පුරවැසියන් ඉවත්කිරීම ‘සින්ධු මෙහෙයුම’ යටතේ සිදුකරන බවයි.