රුසියාව විසින් යුක්රේනයේ අගනුවර වන කියෙව් වෙත දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් තවත් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මියගිය අය අතර 62 හැවිරිදි ඇමරිකානු පුරවැසියෙකු ද වනවා.
ඩ්‍රෝන යානයක් මහල් නිවාස සංකීර්ණයකට කඩා වැටීමෙන් එහි වූ නිවාස ගණනාවක් ද විනාශ වී තිබෙනවා.
යුක්රේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පැවසුවේ රටට ඩ්‍රෝන 440 ක් සහ මිසයිල 32 ක් එල්ල වී ඇති බවයි.
මෙය රුසියාවේ පූර්ණ පරිමාණ යුද්ධය ආරම්භ වීමෙන් පසු අගනුවරට එල්ල වූ විශාලතම ප්‍රහාරයක් ලෙස සැලකිය හැකි වනවා.
ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ එය යුක්රේනයේ මිලිටරි-කාර්මික සංකීර්ණ ඉලක්ක කරගත් බවත් එහි සියලුම ඉලක්කවලට පහර දුන් බවත්ය.

