ඊශ්‍රායලයේ සිට මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දීමක්

ඊශ්‍රායලයේ සිට මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයන්ට තම RE-ENTRY  වීසා  කාලය දිගු කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු පියවර කිහිපයක් දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලය වෙත ඇතුළුවීම වීම  සඳහා  RE-ENTRY  වීසා  කාලය දික් කරගැනීමට තානාපති කාර්යාලය පහත සඳහන් පියවරයන් අනුගමනය කළ යුතු බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා දැනුම් දෙන්නේ.

1. ඉරාන-ඊශ්‍රායල්  යුද්ධය ආරම්භ වී දින පටන් මාස දෙකක කාලයකට RE-ENTRY වීසා  කාලය දික් කර දෙන මෙන් PIBA ආයතනයෙන්  ලිඛිත ඉල්ලීමක් කිරීම. එය ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට පමණක් නොව අනෙකුත් රටවල පුරවැසියන්ට අදාළ වන ලෙස  ක්‍රියාත්මකවීමට බොහෝ දුරට ඉඩ තිබේ.  ඒ සඳහා තරමක කාලයක් ගතවනු ඇත.

2. දැනට ඊශ්‍රායලයෙන් පිටත සිටින එහෙත්  තම RE-ENTRY වීසා  කාලය අවසන්වීමට කැමැත්තක් දක්වන පිරිස සඳහා ඊජිප්තුවේ කයිරෝ ගුවන්තොටුපොළ දක්වා ගුවනින්  පැමිණ  එතන සිට එලාට්  නගරය දක්වා කුලී පදනමට ගත බස් රථයකින්  අදාළ පිරිස ගෙන්වා ගැනීම. මේ සඳහා කැමති පිරිසක් සිටිනම් කණ්ඩායමක් ලෙස ඔවුනට ඊජිප්තුවේ කෙටිකාලින වීසා ලබාගැනීම හා  බස්රථයක් ලබා ගැනීමට අපට සහාය විය හැක. මේ පිරිස කණ්ඩායමක් ලෙස පැමිණිය යුතුවේ. එසේ සිටින පිරිස කණ්ඩායමක් ලෙස තම නම, ගමන් බලපත්‍ර අංකය හා දුරකථන අංකය තානාපති කාර්යාලය ලබා දිය යුතුය.

3. එසේ කණ්ඩායම් වශයෙන් නොපැමිණෙන පිරිස තම විසින් ඊජිප්තු වීසා ලබාගත් යුතු අතර කයිරෝ සිට එලාට් දක්වා ප්‍රවාහන පහසුකම් ඔවුන් සපයා ගත යුතුය.

එසේම මෙම වීසා  ලබාගැනීම, ගුවන් ටිකට්පත් නැවත ලබා ගැනීම  හා ප්‍රවාහන පහසුකම් සඳහා අවශ්‍ය වියදම් තමතමන් විසින් දැරිය යුතු වනවා.

පහසුකම් සැපයීම හා සම්බන්ධීකරණය කිරීම පමණක් තමන්ට කළ හැකි බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන්නේ.