ඉරාන – ඊශ්‍රායල ගැටුම හේතුවෙන් තෙල් මිල ඉහළට

ඊශ්‍රායලය සහ ඉරානය අතර හටගෙන ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද (16) දිනයේ  WITබොරතෙල් බැරලයක මිල ඩොලර් 77.08ක් ලෙස සහ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 75.37ක් ලෙස සටහන් වී තිබෙනවා.

ඊශ්‍රායලය සහ ඉරානය අතර ප්‍රහාරයන් ආරම්භ වීමට පෙර පසුගිය 12වනදා ලෝක වෙළෙඳපොළේ  WITබොරතෙල් බැරලයක මිල සටහන් වුයේ ඩොලර් 68.04ක් ලෙස වන අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් අලෙවි වී තිබුණේ ඩොලර් 69.24ක් ලෙස වාර්තා වී තිබුණි.

ඒ අනුව පසුගිය සතිය තුළ ලෝක වෙළෙඳපොළේ තෙල් මිලේ අඛණ්ඩ වැඩිවීමක් දක්නට ලැබේ.

මේ අතර මැදපෙරදිග මෙම යුද වාතාවරණය අඛණ්ඩව පැවතියහොත් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යා හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය මෙරට ආර්ථිකයට ද බලපෑම් එල්ල කළ හැකි බවයි.