ඉරානය විසින් ඊශ්රායලයේ ටෙල්අවීව්, හයිෆා සහ අවට ප්රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්රහාර හේතුවෙන් ශ්රී ලාංකික කාන්තාවක් තුවාල ලබා ඇතැයි වාර්තා වෙනවා.
කෙසේවෙතත් ඇයගේ තත්ත්වය බරපතළ නොවන බවයි ඊශ්රායල තානාපති නිමල් බණ්ඩාර මහතා පවසන්නේ.
මෙලෙස තුවාල ලබා ඇත්තේ, ඊශ්රායලයේ බැට් යම් ප්රදේශයේ සේවය කරන ලද ශ්රී ලාංකික කාන්තාවක් වනවා.
මේ අතර ටෙල්අවීව් නගරයට දකුණු දෙසින් සේවය කරන ශ්රී ලාංකික කාන්තාවක් ද ඇය සේවය කරන නිවසේ ඇති වූ දෙදරීම හේතුවෙන් එම නිවසේ සිටි අය සමග ඉවත්ව ඇති බව වාර්තා වනවා.

