පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්රික්ක 7ක ප්රාදේශීය ලේකම් කොට්ඨාස 15කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
අද (14) පස්වරු 4.00 සිට ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම නිවේදන නිකුත් කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි සංවිධානය පවසන්නේ කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්රික්කවල ප්රාදේශීය ලේකම් කොට්ඨාස 15කට අදියර 01 මට්ටමේ අනතුරු ඇඟවීම් මෙලෙස නිකුත් කර ඇති බවයි.
කොළඹ දිස්ත්රික්කය- පාදුක්ක ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
ගාල්ල දිස්ත්රික්කය- ඇල්පිටිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
කළුතර දිස්ත්රික්කය- පාලින්දනුවර, බුලත්සිංහල සහ අඟලවත්ත ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
මහනුවර දිස්ත්රික්කය- ගඟ ඉහළකෝරළේ ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
කෑගල්ල දිස්ත්රික්කය- දැරණියගල, දෙහිඕවිට සහ යටියන්තොට ප්රාදේශීය ලේකම් කොට්ඨාස
නුවරඑළිය දිස්ත්රික්කය- අඹගමුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
රත්නපුර දිස්ත්රික්කය- රත්නපුර, කුරුවිට, නිවිතිගල, ඇහැළියගොඩ හා අයගම ප්රාදේශීය ලේකම් කොට්ඨාස

