තමන් විසින් ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර වැලක්වීමට උත්සාහ කළොත් ඔවුන්ගේ කඳවුරු සහ නැව් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන බවට ඉරානය එක්සත් රාජධානියට, ඇමරිකා එක්සත් ජනපදයට සහ ප්‍රංශයට අනතුරු අඟවා තිබෙනවා.
ඊශ්‍රායලය විසින් ඊයේ අලුයම ඉරානයේ න්‍යෂ්ටික බලාගාර ඇතුළු තවත් ප්‍රදේශ රැසක් ඉලක්ක කර ගනිමින් දියත් කළ ප්‍රහාරයට පිළිතුරු වෙලා ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාර මාලාවක් අද එල්ල කරනු ලැබුවා.
එම ප්‍රහාර වලින් පුද්ගලයන් තිදෙනෙක් මිය ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ අතර ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පවසන්නේ ඔවුන් තවමත් ඉරානයට පහර දෙන බවත් ඉස්ෆහාන්හි න්‍යෂ්ටික ස්ථානයක් ඇතුළුව පසුගිය පැය 24 තුළ ඉලක්ක 150 කට වඩා පහර දුන් බවත්ය
ටෙහෙරානයේ නේවාසික ගොඩනැගිල්ලකට එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාරයකින් ළමුන් 20 දෙනෙකු ඇතුළුව හැට දෙනෙකු මිය ගිය බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.
එසේම ඉරිදා පැවැත්වීමට නියමිතව ඇති එක්සත් ජනපද-ඉරාන න්‍යෂ්ටික සාකච්ඡාවල ඊළඟ වටය නොපවත්වන බව ඕමානයේ විදේශ අමාත්‍ය බද්ර් අල්බුසයිඩි නිවේදනය කරනවා.

