පුංචි ඡන්දයෙන් තේරී පත් වුණු 223ක ගේ නම් තවම නැහැ – මැ.කො.

පළාත් පාලන ආයතන ආයතනවලට තේරීපත්වූ සභිකයින් 223කුගේ නම් මෙතෙක් ලැබී නැතැයි, මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම නාම යෝජනා කඩිනමින් යොමුකරන ලෙස පක්ෂවලට හා ස්වාධීන කණ්ඩායම්වලට යළි  දැනුම් දුන් බවයි එහි සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසුවේ.

මේ අතර කොමිසම වෙත ලැබුණු සභිකයින් 104 දෙනෙකුගේ නම් ඊයේ (13) දිනයේත් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එම ගැසට් නිවේදනය මෙතනින්