ජුනි දින 10ට සංචාරකයන් 43,962ක් දිවයිනට

ජුනි මාසයේ ගතවූ මුල් දින 10 තුළදී පමණක් විදෙස් සංචාරකයින් හතළිස් තුන් දහස් නවසිය හැට දෙදෙනෙකු (43,962) දිවයිනට පැමිණ තිබෙනවා. 

මේ අනුව 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති මුලු සංචාරකයින් සංඛ්‍යාව දස ලක්ෂ හැත්තෑ තුන් දහස් හත්සිය හැට පහක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.