ඉන්දීය ගුවන්යානා අනතුර සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් සිය ශෝකය ප්රකාශ කර තිබෙනවා.
මෙම ශෝකජනක අවස්ථාවේ ශ්රී ලාංකිකයින් ඉන්දියාව වෙත සහෝදරත්වය පළකරන අතර මියගිය අය වෙනුවෙන් ශෝකය පළකරන බවයි හෙතෙම එහි දක්වා තිබෙන්නේ
ඉන්දියාවේ අහ්මදාබාද් සිට ලන්ඩන් බලා ගමන් ආරම්භ කළ ගුවන් යානයක් ඊයේ (12) පස්වරුවේ එම ගුවන්තොටුපොළ ආසන්නයේදීම කඩාවැටී අනතුරට ලක්වුණි.

