බදාදා ගාසා තීරයේ ඊශ්‍රායල වෙඩි තැබීම් සහ ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීනුවන් 60 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ඔවුන්ගෙන් වැඩි දෙනෙක් එක්සත් ජනපදය සහ ඊශ්‍රායල සහාය ලබන ගාසා මානුෂීය පදනම විසින් මෙහෙයවනු ලබන ආධාර මධ්‍යස්ථානයක් අසල සිදු කෙරුණු ප්‍රහාර වලින් මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
නෙට්සාරිම් හි පැරණි යුදෙව් ජනාවාසය අසල ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් අසල අවම වශයෙන් පුද්ගලයින් 25 දෙනෙකු මිය ගොස් දුසිම් ගණනක් තුවාල ලැබූ බවයි ෂිෆා සහ අල්-කුඩ්ස් රෝහල්වල වෛද්‍ය නිලධාරීන් පැවසුවේ .
පසුව, දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් හි නසාර් රෝහලේ සෞඛ්‍ය නිලධාරීන් පැවසුවේ රාෆා හි තවත් ස්ථානයක සිදු කළ වෙඩි තැබීම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් ඇති බවයි.

