බඩඉරිඟු වවන්න අක්කරයකට රු.10,000ක්

‘එක මිටට – ගොවි බිමට’ වැඩසටහනට සමගාමීව වගා නොකරන සියලුම කෘෂිකාර්මික ඉඩම් කාර්යක්ෂමව වගා කිරීම සඳහා වන ජාතික වැඩසටහනේ පළමු අදියර ඊයේ (11) ආරම්භ වුණා.

ඒ යටතේ 2025 යල කන්නයේ බඩඉරිඟු වගා කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භය පැවැත්වුණේ කන්තලේ සීනි කර්මාන්ත ශාලා භූමියේ දී.

මෙම වැඩසටහන සඳහා රුපියල් මිලියන 627 ක් වියදම් වන බවයි එහි දී අදහස් දක්වමින් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සඳහන් කළේ.

මේ යටතේ එක් ගොවියෙකුට අක්කරයක් සඳහා රුපියල් 10,000ක් ලබා දීමට නියමිතයි.

එම අවස්ථාවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සහ විදේශ කටයුතු සහ විදේශ
රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සහභාගී වුණා.

එම වැඩසටහනට පසුව ගොවින් සහ ගොවි සංවිධාන මුහුණ පාන ගැටළු අමාත්‍යවරුන් වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදුන්නා.