ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තුව 15%කින් ඉහළ දමන්නට රජය කටයුතු කර ඇති බවත් මහජන උපයෝගීතා කොමිසම මෙම තීරණය ගෙන ඇත්තේ රජය සහ විදුලි බල මණ්ඩලය සිදු කරන ලද යෝජනාවක් අනුව බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
එය විදුලි ගාස්තු වැඩි කිරීම ජනවරම පාගා දැමීමක් සහ ජනතාවගේ හඬට ඇහුම්කම් නොදීමක් මෙන් ම මෙරට ජනතාව රැවටීමක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ විදුලි ගාස්තු වැඩි කිරිම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
ජනාධිපතිවරණයේ මැතිවරණ වේදිකාවක් වේදිකාවක් පාසා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා රු.9000 බිල රු.6000ත් රු. 3000 බිල රු.2000 දක්වා 33%කින් විදුලි ගාස්තු අඩු කරන බව පැවසූ බවත් ඉන්පසුව මහමැතිවරණයේ දී ද ඓතිහාසික වරමක් ලබා ගෙන මන්ත්‍රීවරුන් 159ක ජයග්‍රහණයක් ලබා ගත් අවස්ථාවේ 33%කින් විදුලි ගාස්තු අඩුකළ යුතු වුවත් අද වන විට මේ රජය රටේ ජනතාවට කළ ප්‍රකාශ අමු අමුවේ උල්ලංඝනය කරමින් ජනාධිපතිවරයාම සිදු කළ ප්‍රකාශ බොරු බවට පත් කර 15%කින් විදුලි ගාස්තු වැඩි කරන්නට ගෙන ඇති ක්‍රියාමාර්ගය මෙරට විදුලි පාරිභෝගික ජනතාවගේ අයිතිය අමුඅමුවේ උල්ලංඝනය කිරීමක් බවයි ඔහු සඳහන් කරන්නේ.
ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ විදුලි ගාස්තු වැඩි කරන ලද්දේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළග වාරිකය ලබා ගැනීමට බවත් විස්තීරණ ණය පහසුකම ලබා දීමට නම් විදුලි ගාස්තු වැඩි කරන ලෙසට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසි දමා ඇති බවත් මාලිමාව ප්රමුඛ ජනතා විමුක්ති පෙරමුණ සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා නව අයි එම් එෆ් ගිවිසුමකට, එකගතාවකට ප්‍රවේශ වන බවට පැවසුවත් බලය ලැබුණු විගසම හිටපු රජයේ අයි එම් එෆ් ගිවිසුම අකුරක් නැර ඉදිරියට ක්‍රියාත්මක කරමින් ජනවරම පාවාදෙමින් ජනවරම උල්ලංඝනය කරමින් ජනමතයට පයින් ගසා ඇති බවත් මොවුන් හිටපු ජනාධිපතිවරයා ප්රමුඛ රජයේ ගිවිසුම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රටත් ජනතාවත් මේ කොන්දේසිවලට යටත් වී ඇති බවයි.
ඔහු සිදු කළ විශේෂ ප්‍රකාශය මෙතනින්

