කළුබෝවිල රෝහලේ කාර්ය මණ්ඩලයේ 6කට කොරෝනා

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කලුබෝවිල ) කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාධිත වී ඇතැයි රෝහල් අධ්‍යක්ෂක අසේල ගුණවර්ධන මහතා පැවසීය

රෝහල් කාර්ය මණ්ඩලයේ සිටින පුද්ගලයන් දෙදෙනෙකු අමතර ආදායමක් ලෙස මාළු විකිණීමේ යෙදෙන බවත් මොවුන් ඉකුත් දිනවල පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළෙඳ සංකීර්ණයට ගොස් තිබීම හේතුවෙන් සිදුකළ පි සි ආර් පරීක්ෂණ වලින් අනතුරුව එම සේවකයන් දෙදෙනාට කොරෝනා ආසාදිත වී ඇති බවට අනාවරණවී තිබෙන්නේ.