පවතින අධික වර්ෂාව හමුවේ විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීමට පටන්ගෙන තිබෙන අතර ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.
අද (11) අළුයම සිට තත්ත්වය හටගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
එසේම තව දුරටත් වැසි ලැබුණොත් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වන බවයි නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසන්නේ.
මේ හේතුවෙන් ජලාශයට පහළ පදිංචිකරුවන් අවධානයෙන් පසුවිය යුතු බවයි ජලාශ භාර ඉංජිනේරුවන් දන්වා සිටින්නේ.

