මහනුවර සහ මාතලේ මාර්ගයේ දුම්රිය පාර්සල් භාරගැනීම නතර කෙරේ

යළි දැනුම් දෙන තුරු මහනුවර සහ මාතලේ මාර්ගයේ දුම්රිය පාර්සල් භාරගැනීම තාවකාලිකව නතර කර තිබේ.

ඒ අද (11) මහනුවර සහ පේරාදෙණිය අතර දුම්රිය මාර්ගයේ කොටසක් ගිලාබැසීම හේතුවෙන් උදෑසන සිට උඩරට මාර්ගයේ මහනුවර සහ පේරාදෙණිය අතර දුම්රිය ධාවනය තාවකාලිකව නතර කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කිරීමත් සමඟයි.

දුම්රිය ධාවනය නතර කිරීම හේතුවෙන් පේරාදෙණිය සහ මහනුවර අතර මගී ප්‍රවාහනය සඳහා ලංගම බස් රථ යෙදවීමටද පියවර ගෙන තිබුණි.

ගිලා බසින ලද ස්ථානය පරීක්ෂා කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් ඇති බව වාර්තා වෙනවා.

එසේම හැකි ඉක්මනින් මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.