ගම්පහ ප්රදේශ රැසකට ජුනි මස 11 වන දින ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙයි.
ඒ අනුව එදින උදෑසන 8.30 සිට ප.ව 6.30 දක්වා පැය 10ක කාලයක් පහත ප්රදේශ වලට ජල කප්පාදුව සිදු කෙරනු ඇත.
පෑලියගොඩ, වත්තල, ජාඇළ, සීදුව නගර සභා බලප්රදේශ, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇළ, කටාන, මිනුවන්ගොඩ ප්රාදේශීය සභා බලප්රදේශය සහ ගම්පහ ප්රාදේශීය සභාබල ප්රදේශයේ කොටසකට
බියගම ජල පවිත්රාගාරයේ ස්ථාපිත සූර්යබල විදුලි පද්ධතිය ප්රධාන පද්ධතිය හා සම්බන්ධ කිරීම් වැඩිදියුණු කිරීම හේතුවෙන් මෙලෙස ජලසැපයුම අත්හිටුවනව බවයි මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

