2025 මුල් මාස හතර තුළ දී රාජ්‍ය ආදායමෙහි කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වී තිබෙනවා.
2025 මුල් මාස හතර තුළ වාර්තා වී තිබෙන රජයේ ආදායම් හා ප්‍රදාන වටිනාකම දී රු. බිලියන 1,454.67 ක් වනවා.
එය 2024 වසරේ එම කාලය හා සැසඳීමේ දී රු. බිලියන 236.60 ක ඉහළ යාමක් වනවා. ප්‍රතිශතාත්මක ලෙස ගත් විට මෙය 19.42%ක වර්ධනයක් වනවා.
එහිදී රු. බිලියන 463.19ක බදු ආදායමක් 2025 අප්‍රේල් මාසය තුළ දී පමණක් වාර්තා වීම විශේෂත්වයකි.
විශේෂයෙන් එම මාසය තුළ දී වාහන ආනයනය නැවත විවෘත කිරීම හේතුවෙන් මෙලෙස බදු ආදායමේ ඉහළ යාමක් වාර්තා වී ඇති බවයි සඳහන් වෙන්නේ.
මේ අතර 2025 පළමු මාස 04 අවසානයේ දී ප්‍රාථමික ගිණුමේ ශේෂය රු. බිලියන 532.73 ක ධන අගයයක් වාර්තා කරන අතර සමස්ත අයවැය හිඟය රු. බිලියන 261.61 ක් ලෙසින් සටහන්ව ඇත.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දත්ත වාර්තාවක් පහතින්,


