ආබාධිත පුද්ගලයන්ට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ වැඩපිළිවෙලක්

ආබාධිත පුද්ගලයින්ට දුම්රියේ ගමන් කිරීමේදී විශේෂ පහසුකම් සැළසීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව දුම්රියකට ඇතුලුවීමේදී සහ පිටවීමේදී කාර්ය මණ්ඩලයේ සහය ලබාගැනීමට ඔවුන්ට අවස්ථාව ලබා දීමට සැලසුම් කර ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ.

මෙලෙස එම සහාය ලබා ගැනීම සඳහා 1971 දුරකතන අංකය ඇමතීමෙන්, ඒ පිළිබඳව පෙර දැනුම්දීමක් කළ යුතු වේ.

ලබන 15 වැනිදා සිට එම ක්‍රමවේදය ක්‍රියාත්මක බවයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.