Eminem ගේ වඩාත් ජනප්‍රිය ගීත කිහිපයක් හිමි සමාගමක් වන Eight Mile Style, සමාජ මාධ්‍ය දැවැන්තයෙකු වන Meta සමාගමට එරෙහිව ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නඩු පවරා තිබෙනවා.
Eight Mile Style සමාගම විසින් Meta සමාගමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 109.35 ක වන්දියක් ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
රැප් ගායක Eminem ගේ ජනප්‍රිය ගීත 243 ක් ඉන්ස්ටග්‍රෑම් සහ වටිස් ස්ඇප් පරිශීලකයින්ට නීති විරෝධී ලෙස පාවිච්චි කිරීමට අවස්ථාව සලසා දී ඇති බවයි මිචිගන් හි ෆෙඩරල් උසාවියක නඩුව ගොනුකරමින් එයිට් මයිල් ස්ටයිල් සමාගම පවසන්නේ.
එයිට් මයිල් ස්ටයිල් සමාගම එක් ගීතයකට ව්‍යවස්ථාපිත වන්දි වශයෙන් ඩොලර් 150,000ක් ඉල්ලා සිටින අතර, ජූරි නඩු විභාගයක් ද ඉල්ලා තිබෙනවා.
මීට ප්‍රතිචාර වශයෙන්, Meta ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත පවසා ඇත්තේ, මෙටා ලොව පුරා හවුල්කරුවන් දහස් ගණනක් සමඟ බලපත්‍ර සහ එහි වේදිකාවල සංගීතය සඳහා පුළුල් ගෝලීය බලපසු වැඩසටහනක් ඇති බවයි.
බිලියන 3 කට අධික පිරිසක් දිනපතා මෙටා හි යෙදුම් වලින් එකක් හෝ භාවිතා කරන අතර, සමාගම වෙළඳ දැන්වීම් වලින් සෑම කාර්තුවකටම ඩොලර් බිලියන ගණනක් උපයයි.

