රෝගී පොල් ගස් කපා දැමීමට දෙන වන්දිය ඉහළට

පොල් වගාව ආශ්‍රීතව පැතිර යන වැලිගම කොළ මැලවීමේ රෝගය මර්දනය සදහා එම රෝගය වැළදුණු පොල් ගසක් කපා ඉවත් කිරීමට ලබාදුන් වන්දි මුදල රුපියල් තුන් දහසේ සිට දස දහස දක්වා ඉහළ නංවා තිබෙනවා. 

මෙම රෝගය ව්‍යාප්ත වී ඇති දකුණු පළාතේ පොල් වතුවල පොල් ගස් කපා ඉවත් කරන ලෙසයි නිවේදනයක් නිකුත් කරමින් පොල් වගා කිරීමේ මණ්ඩලය පොල් වගාකරුවන්ගෙන් ඉල්ලා සිටියේ.

මෙම රෝගය පැතිර යාම වැළැක්වීමට ඇති එකම විකල්පය එම රෝගය වැළඳුනු ගස් කපා දැමීම පමණක් බවයි පොල් වගාකීරීමේ මණ්ඩලය පෙන්වා දෙන්නේ.

මෙම රෝගය හේතුවෙන් මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ පොල් ගස් 6,200ක ප්‍රමාණයක් මාස 03 ක් ඇතුළත කපා දැමීමට සලකුණු කර ඇති බව වාර්තා වෙනවා.