Lee Jae-myung දකුණු කොරියාවේ නව ජනපති ලෙස දිවුරුම් දෙයි


දකුණු කොරියානු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ Lee Jae-myung, එරට නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.

සෝල්හි ජාතික සභාවේ පැවති සිය පදවි ප්‍රාප්ති උත්සවයේදී ඔහු මෙලෙස දිවුරුම් දී තිබෙනවා.

ඊයේ පැවති ජනාධිපතිවරණයෙන් විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ලී ජේ මියුන්ග් වාර්තාගත ජයග්‍රහණයක් ලබා ගනිමින් මෙම ධුරයට පත්වීම විශේෂත්වයක්.

ප්‍රකාශිත ඡන්දවලින් සියයට 49.31ක වැඩි ප්‍රතිශතයක් ලී ජේ-මියුන්ග් දින ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ලී ජේ-මියුන්ග් ගේ ප්‍රතිවාදීන් ලෙස ජනාධිපතිවරණයට පාලක කොන්සර්වේටිව් පීපල් පවර් පක්ෂයේ කිම් මූන්-සූ සහ තවත් අපේක්ෂකයින් තිදෙනෙකු තරග කරනු ලැබුවා.

ප්‍රතිවාදී කිම් මූන් සූ ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 41.30කි.

පසුගිය දෙසැම්බර් මාසයේදී රට යුද නීතිය යටතට ගෙන ඒමට උත්සාහ කර අසාර්ථක වූ හිටපු ජනාධිපති යූන් සුක් යෙයොල්ගේ දෝෂාභියෝගයෙන්, එරට ජනාධිපති ධුරයේ ඇති වූ හිඩැස පිරවීම සඳහා ඔහු වහාම ජනාධිපති ධුරයේ දිව්රුම් දෙනු ලැබුවා.