2025 IPL තරඟාවලියේ ජයග්රහණය හිමි කර ගැනීමට විරාත් කෝලි විසින් මෙහෙයවන ලද රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා.
ඒ ඔවුන් සමඟ තරඟ වැදී පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ලකුණු හයකින් පරාජයට පත් කරමිනුයි.
ලොව විශාලතම ක්රිකට් ක්රීඩාංගනය වන අහමදාබාද්හි 91,000 කට අධික රසික පිරිසක් සහභාගීත්වයෙන් IPL තරඟාවලියේ අවසාන මහා තරඟය ඊයේ පැවැත්වුණා.
පන්ජාබ් කණ්ඩායම කඩුලු 7 කට ලකුණු 184 ක් ලබා සිටියදී බැංගලෝර් කණ්ඩායම ලකුණු 190 ක් රැස් කර ගනිමුයි මෙම ජයග්රහණය ලැබුවේ.



