පවතින වර්ෂාව හමුවේ අද (28) අලුයම පොල්ගොල්ල මහවැලි වේල්ලේ වාන් දොරටු 03ක් අඟල් 18 බැගින් විවෘත ජරා ඇතැයි වාර්තා වෙනවා.
ඇතිවිය හැකි ගංවතුර තත්ත්වය පාලනය සඳහා මෙලෙස වාන් දොරටු විවෘත කළ බවයි පොල්ගොල්ල මහවැලි වේල්ල කාර්යභාර ඉංජිනේරු කාර්යාලය පැවසුවේ.
මේ හේතුවෙන් තප්පරයට ඝණ අඩි 4500ක ජල ධාරිතාවක් වික්ටෝරියා ජලාශයට මුදා හැරෙනවා.

