දිස්ත්‍රික් හතරකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන

දිස්ත්‍රික් හතරක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 08ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද (28) උදෑසන 10:00 නිකුත් කරන ලද එම නිවේනදය හෙට (29) උදෑසන 10 දක්වා බලපැවැත්වෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟඉහළකොරළය සහ පස්බාගේකෝරළේ සඳහා අදියර 01 යටතේ වන නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊට අමතර කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, බුලත්කොහුපිටිය, යටියන්තොට සහ රුවන්වැල්ල යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.