දිවයින පුරා ඇති සියලුම තැපැල් කාර්යාලවල සේවකයින් සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසනවා
ඒ අනුව අද (28) මධ්‍යයම රාත්‍රීයේ සිට එම සංඛේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි එම සංගමයේ සභාපති ජී.ජී.සී. නිරෝෂණ මහතා සඳහන් කළේ.
මේ අතර කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සංඛේත වැඩවර්ජනය අද සවස 4.00 ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
පුරප්පාඩු පිරවීම, වැටුප් වර්ධක ලබා නොදීම සහ නිලධාරී සේවා ව්‍යවස්ථාව අනුමත නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනුයි මෙම සංඛේත වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත්තේ.

