Adidas සමාගමට සයිබර් ප්‍රහාරයක්

Adidas සමාගමට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ඒ මගින් එහි ගනුදෙනුකරුවන්ගේ පුද්ගලික තොරතුරු සොරකම් කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

සමාගම සඳහන් කරන්නේ help desk හා සම්බන්ධ වූ ගනුදෙනුකරුවන්ගේ දත්ත මෙලෙස සොරකම් කර ඇති බවත්, මුරපද සහ ක්‍රෙඩිට් කාඩ් සහ අනෙකුත් ගෙවීම් දත්ත අවදානමට ලක් නොවූ බවත් ය.

“අපගේ පාරිභෝගිකයින්ගේ පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව ආරක්ෂා කිරීමට අපි සම්පූර්ණයෙන්ම කැපවී සිටින අතර, මෙම සිදුවීම නිසා ඇති වූ ඕනෑම අපහසුතාවයක් හෝ කනස්සල්ලක් ගැන අපි අවංකවම කනගාටු වෙමු,” එය එහි වෙබ් අඩවියේ සටහනක සඳහන් කර තිබෙනවා.

එසේම සැක සහිත ක්‍රියාකාරකම් සඳහා තම බැංකු ගිණුම සහ ක්‍රෙඩිට් කාඩ්පත් පිළිබඳව සැලකිල්ලෙන් සිටින ලෙසත් සමාගම සිය ගනුදෙනුකරුවන්ට දැනුම් දෙනවා.

Adidas වෙබ් අඩවියේ මේ සම්බන්ධයෙන් පළ කර ඇති සටහන පහතින්,