මහනුවර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

හෙට (28) පස්වරු දෙකේ සිට ලබන 30 වැනිදා අලුයම 2 දක්වා පැය 36 ක කාලයක් මහනුවර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළ ඉදි කිරීමේදී සිදුවු ජල නල පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරන බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව පේරාදෙණිය පාර , විලියම් ගොපල්ලව මාවත , උසාවී සංකිර්නය අසල සිට නගර සභා හන්දිය දක්වාත් , අස්ගිරිය , වැව රවුම , රජ පිහිල්ල මාවත , බූවැලිකඩ . තැන්නකුඹුර , ගුරුදෙනිය, අම්පිටිය සහ මහනුවර නගර මධ්‍යයේ සියලුම වීථි ආශ්‍රිත ප්‍රදේශයට එලෙස ජල සැපයුම අත්හිටවනු ඇති.