ඩුබායි හි ජනතාවට ChatGPT Plus නොමිලේ භාවිතා කිරීමේ පහසුකම

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ජීවත් වන ජනතාවට ඉක්මනින්ම ChatGPT Plus නොමිලේ භාවිතා කිරීමට එරට රජය කටයුතු කරමින් පවතින බව වාර්තා වෙනවා.

මෙම සැලැස්ම OpenAI සහ UAE රජය අතර විශාල ගනුදෙනුවක එක් කොටසක් ලෙසයි මෙය ක්‍රියාත්මක වන්නේ.

එසේම අබුඩාබි හි Stargate UAE නමින් දැවැන්ත AI දත්ත මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ද දෙපාර්ශවය විසින් එකඟත්වය පළ කර ඇති බව සඳහන්.

Oracle, Nvidia, Cisco, SoftBank, and G42 වැනි සමාගම් ද එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ AI දත්ත ගබඩා ඉදි කිරීම සඳහා එකතු වී කටයුතු කිරිමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය එහි මුළු ජනගහනයටම ChatGPT හි premium version සඳහා නොමිලේ ප්‍රවේශය ලබා දෙන ලොව පළමු රට බවට පත්වේ.